සෞදි අරාබියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 06 දෙනෙකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය හය දෙනාම ජෝර්දාන පුරවැසියන් වන බවත්, මක්කම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here