රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති, විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ නොසිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව තමන්ට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසයි, මහෙස්ත්‍රාත්වරිය නියම කළේ.