පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙම බද්ද 2025 තෙක් ඉහළ දැමීමට රජය අපේක්ෂා නොකරන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
ආනයනික පොල්තෙල් ලීටරයක් සදහා දැනට අය කරන බද්ද රුපියල් 150ක්.
මේ වන විට ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70000ක් රට තුළ පවතිනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙය තුන් ගුණයක ඉහළ යාමක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
එබැවින් පොල්තෙල් හිගයක් ද රට තුළ නොමැති අවස්ථාවක මිල ඉහළ දැමීමට පොල්තෙල් මාෆියාව ගෙන යන ප්‍රයත්නය කූඨ උපයාක් බව පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.