මෙතෙක් අනන්‍යතාවය තහවුරු කරගත නොහැකියි නොහැකියි ඉපදී දින කිහිපයක් ගතවන ඉන කොටසින් පහල නොමැති පබිළිදු මළ සිරුරක් නුවරඑළිය පොලිස් වසමට අයත් බුළුඇළ බොරලන්ද ප්‍රදේශයේ ඇළ බැරක්ප්ලේම් ඇළ මාර්ගය අසලින් ඊයේ (13) සොයාගත් බව නුවරඑළිය පොලිසිය අනාවරණය කරයි .
ඇල මාර්ගය අසල බිළිඳකුගේ මළ සිරුරක් ඇති බවට බොරලන්ද ප්‍රදේශවාසීන්ගෙන් නුවරඑළිය පොලිසියට ලැබුණු දුරකථන පණිවිඩයකට අනුව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි අදාළ ස්ථානයට පැමිණි නුවරඑළිය පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉදුනිල් ප්‍රේමලාල් මහතා ඇතුලු පොලිසිය නිලධාරීන්ට දැකගැනීමට හැකි වී ඇත්තේ ඇළ මාර්ගයක් අසල බිමක ඉනෙන් පහළ කොටට විනාස වූ ඉපදී දින කිහිපයක් ගත වී ඇති බවට නිගමනය කළ හැකි කුඩා දරුවෙකුගේ මළ සිරුරකි.
සිද්ධිය සම්බන්ධව අවට රෝහල් හා පොලිසි සියල්ල දැනුවත් කර අදාළ මළ සිරුර හිමි දරුවාගේ දෙමාපියන් සෙවීමට නුවරඑළිය පොලිසිය මෙහෙයුම් දියත් කරන බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි .
නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහතා විසින් ස්ථානය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව බිළිඳු දේහය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර බිළිඳු මළ සිරුර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලෙසත් නියෝග කළේය .
(ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය)