දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඔ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු , උතුරු – මැද  සහ වයඔ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ. කි. මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here