2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවැති තරගයෙන් ලකුණු 6 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 119 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 113 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here