කාත්තන්කුඩිය අහමඩ් පාර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩිතබා බියගන්වා මුදල් හා රන් භාණ්ඩ පැහැරගැනීමක් සිදුකර තිබෙනවා.
සැකකරු විසින් අදාළ කාන්තාවට ගිනිඅවියෙන් සහ අතින් පහරදීමක්ද සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
පහරදීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි එම කාන්තාවක්.
ඇය කාත්තන්කුඩිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා තිබෙනවා.
අදාළ සැකකරු විසින් කාන්තාවගේ බෑගයේ තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 20ක මුදලක් කොල්ලකා පළාගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව ආරියම්පති නැගෙනහිර ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.