හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

අද (27) එම පෙත්සම සලකා බැලීම සිදුකළ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here