2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන 46 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ අමෙරිකා එක්සත් ජනපද – කොදෙව් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ අතර කොදෙව්වන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අමෙරිකා එක්සත් ජනපදය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වුණා.