අයහපත් කාලගුණයත් සමඟ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නළ සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශ වල ජනතාව චෝදනා කළේ, නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවයි.

ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here