ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙඩ නිවාඩු දැමි‍මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක අද නිරත වේ.

ඒ , වැටුප් විෂමතා ඉවත් නොකිරිමට විරෝධය පළ කරමින්ය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං මහතා පැවසුවේ ගුරු විදුහල්පති හා ගුරු අධ්‍යාපනඥ සේවාවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (26) පෙරවරු 11 ට කොටුව දුම්රිය ස්ථානයේදී විරෝධතාවක්ද පවත්වන බවයි.

ගුරුවරුන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමෙන් පාසල් පද්ධතියට සිදුවන බලපෑමට රජය වගකිව යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here