එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.
ඒ අනුව, කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කළා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා අද (29) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.
සමන් රත්නායක මහතා පැවසුවේ, මෙම මැතිවරණය සඳහා 2024 ජන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගැනීමට හැකි බවයි.