වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙම මාසයේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 879 දෙනෙකු වාර්තා වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, එය පසුගිය මාසය හා සැසඳීමේදී ශීඝ්‍ර වර්ධනයක් බවයි.

ඒ අනුව පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2647 කි.

වසරේ ගත වූ කාල සීමාව තුළ රෝගින් 25,799 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙනි.

එම සංඛ්‍යාව, 9441 ක්.

එම කාලසීමාව තුළ ඩෙංගු මරණ 9 ක් වාර්තා විය.

මේ අතර ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here