යාපනය,ඩෙල්ෆ් පොලිස් ස්ථානය ඉදිරිපස මළ සිරුරක් තබාගෙන ඩෙල්ෆ් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ(21) විරෝධතාවයක නිරතවිණ.

පසුගිය 20 වැනිදා රාත්‍රියේ පුද්ගලයින් කණ්ඩායමක් පහරදී ඝාතනය කළ ඇන්ටන් ජිවරාජ් අමල්රාජ් නමැති 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලීම් කරමින් ප්‍රදේශවාසීන් එලෙස විරෝධතාවයක නිරතවූහ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට සම්බන්ධ අනෙක් පිරිස කඩිනමින් අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලීම් කළහ.

පසුගිය 20 වැනිදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත පුද්ගල කණ්ඩායමක් විසින් යාපනය,ඩෙල්ෆ්,07 වන පටුමඟ පදිංචි 22 හැවිරිදි  ඇන්ටන් ජිවරාජ් අමල්රාජ් නමැති තරුණයාට පහරදී ඝාතනය කොට තිබු බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here