කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තාවකාලිකව වසා දැමූ පහළ කඩුගන්නාව කොටස මේ වනවිට යළි විවෘත කර තිබේ.

කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරන ලෙසටය.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස ඊයේ (08) පස්වරු 7.30 සිට අද (09) අලුයම 01 දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.

ඒ වැසි තත්ත්වයත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය දෙපස පවතින අවදානම් සහිත ගල් සහ ගස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භවීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here