ආන්දෝලනයකට තුඩුදුන් ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය නව සමාගමක් වෙත ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එලෙස හිමිකාරීත්වය සඳහා තෝරාගෙන ඇත්තේ අමෙරිකානු සමාගමක්.

ඒ අනුව දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරු වන්නේ, Sequoia Consultants නම් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ආයතනයටයි.

දඹුල්ල සික්සර් නමින් ඉදිරි LPL තරගාවලියට ඔවුන් ඉදිරිපත් වීමට නියමිතයි.

පසුගියදා තරඟ පාවාදීමට බලපෑම් කලේ යැයි දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන්ට නඩු පැවරුණා.

පසුව දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here