දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ ඇදුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට මාසේ වැටුප නොදී මගහැර ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි.

මරදගහමුල ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවේ එක් කාන්තාවක් දිවුලපිටිය පොලිසියට ගොස් අද දින පැමිණිල්ලක් කර ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා අප කළ විමසීමකදී පවසයි.

එම පැමිණිල්ලට අනුව මුදල් වංචා කළ කාන්තාව අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බවත් ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here