දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මීට අමතරව, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here