තමන් මේ වනවිට නීතිපති ධුරයෙන් විශ්‍රාම ගෙන ඇතැයි සංජේ රාජරත්නම් මහතා පවසනවා.
ඔහුගේ සේවය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවස්ථා දෙකකදී අනුමත කළේ නැහැ.
සංජේ රාජරත්නම් මහතාගේ සේවා දිගුව පිළිබඳව ජනාධිපතිවරයාගේ නිර්දේශය බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව එය යළිත් සළකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පස්වරුවේ නැවත රැස්විය.
කථානායක නිල නිවසේ ඊයේ පස්වරු 6.00 ට පමණ මේ රැස්වීම ආරම්භ වූ අතර එය පැය 4 ක පමණ කාලයක් පවත්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු පැවසුවේ, වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් පසුව නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම අනුමත කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලයක් නැතැයි එහිදී තීරණය කළ බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේ ලිපියකින් දැනුම් දී තිබේ.