දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

සිවිල් පුරවැසියෙක් කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ එම අමාත්‍යංශය මගින් නිකුත්කර තිබූ නිල රථ දෙක ඔහුට අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසුව ඒවා නැවත භාර නොදී අවභාවිත කරන බවට පවසමින්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here