අද( 3 ) අලුයම සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදිය ගැටී තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා ඇති බව නිට්ටඹුව පොලිසිය පවසනවා.
මන්ත්‍රීවරයා රැගත් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.
නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .