අම්බලන්ගොඩ – බලපිටිය ආවාසවත්ත මංසන්ධියේ දී මල්ශාලා හිමිකරුගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන් ම අදාළ ඝාතනය සඳහා භාවිත කළ කඩුව ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
පසුගිය 25 වැනිදා රාත්‍රීයේ දී සිදු වූ මෙම ඝාතනයෙන් මිය ගියේ, 46 හැවිරිදි දකුණු තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිව් දරු පියෙක්.
මරණකරු සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීම මෙම ඝාතනයට හේතු ව වී ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්‌තේ.
මරණකරුගේ මවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ අනුව එහි සැකකරු හඳුනාගත් බවත් ඔහු අදාළ මල් ශාලාවේ සේවය කරන අයෙකු බවත් පොලිසිය සඳහන් කළා.
ඝාතනය සිදු වූ දිනයේ මෙම මල්ශාලා හිමිකරු තම අවමංගල ශාලාවේ සේවය කරන සේවකයෙකු රැගෙන ඒම සඳහා ආවාසවත්ත නමැති ප්‍රදේශයට ගොස් තිබුණා.
එම අවස්ථාවේදී මෙම ඝාතනය වී ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කළේ.
සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබෙනවා.