යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් මාතර ප්‍රදේශයේ පිහිටි සම්බාහන (ස්පා) ආයතනයක කළමනාකාරිනියක් තුවාල ලබා (20 ) අළුයම මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.

අද (20 ) අලුයම එකට පමණ මෙම වෙඩි තැබීම මාතර වල්ගම සණස මල්ශාලාව අසලදී සිදුව ඇති බව පොලිසිය කියයි.

එහිදී තුවාල ලබා ඇත්තේ වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක වයස 33 වන කළමනාකාරිනියක් බව පොලිසිය කියයි .

අදාළ සම්බාහන ආයතනයේ හිමිකරු සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබිම බෝර 12 උන්ඩ යොදන ගිනි අවියකින් කල වෙඩි තැබිමක් බවට අදාල ස්ථානයේ තිබු හිස් කොපු වලින් අනාවරණය වන වී ඇති බවත් වෙඩි වැදිම හේතුවෙන් අදාළ කාන්තාව සුළු තුවාල ලබා ඇති අතර එහිදී ඇය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

යතුරුපැදියේ ගමන් ගත් සම්බාහන ආයතනයේ හිමිකරුට කිසිදු හානියක් නොමැති බව පොලිසිය කියයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ මෙහෙවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here