මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්  වනවා.

පසුගිය 2015 වර්ෂයේ සිට එන  ලක්ෂ දාහතරකට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වනවා.

මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව පැවසෙනවා.

ජය වඩන ගමන නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනෙකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අය කරගෙන නොතිබූ බව සඳහන්.

තවද ආයතන තිස් දෙකකින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාව සඳහන් කරනවා.

එම හිඟ කුලී මුදලින් සියයට දහඅටක් එනම් කෝටි හයකට වැඩි මුදලක් අයවීමට ඇත්තේ අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ බංගලා සංචාරක බංගලා සහ නිල නිවාස වලින් බව අනාවරණය වි තිබෙනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

(උපුටා ගැනීම – ලංකාදීප වෙබ් අඩවිය )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here