යෝජිත නව විදුලිබල පනත සහ ශේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ (04) අනුමත කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පනත හෙට (06) පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමත කිරීමට ඉදිරිපත් කෙරෙනු ඇත.

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු එම නව විදුලිබල පනත, ශේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව ඉදිරිපත් කළ සංශෝධන අනුගත කරමින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here