ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති පත් කිරීමේ ඡන්ද විම­සී­මේදී උප­කු­ල­ප­ති­ව­රිය නීති විරෝ­ධීව සිය ඡන්දය ප්‍රකාශ කර විශ්ව­වි­ද්‍යාල පනත උල්ලං­ඝ­නය කර­මින් අදාළ පීඨ­යට පීඨා­ධි­ප­ති­ව­ර­යකු අනී­ති­කව තෝරා ගත් බවට මහා­චා­ර්ය­ව­ර­යකු විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කර ඇති මූලික මිනිස් අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් සලකා බැලූ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ව­රිය ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් 23 දෙන­කුට ලබන අගෝස්තු මස 27දා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. 

මෙම මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මට අදාළ උත්තර සති හත­රක් ඇතු­ළත ගොනු කරන ලෙසට වග­උ­ත්ත­ර­ක­රු­වන්ට තව­දු­ර­ටත් නියෝග කළ ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල වග­උ­ත්ත­ර­ක­රු­වන්ගේ විරෝ­ධ­තා­ව­ලට අදාළ ප්‍රති­වි­රෝ­ධතා ඉන් දෙස­ති­යක් ඇතු­ළත ගොනු කරන ලෙස පෙත්ස­ම්කාර පාර්ශ්ව­යට නියෝග කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here