මාඳුරුඔය ජාතික වනෝද්‍යානය තුළ දී විදේශිකයෙකු හා ආදිවාසීන් පස්දෙනෙකු එක්ව මොනරෙකු ඝාතනය කර එම සතාව පුළුස්සා ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් ඉහත සිදුවීමට අදාළ විදෙස් ජාතිකයා සහ ආදිවාසීන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට මහියංගන මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණා.
අදාළ වීඩියෝව YouTube නාළිකාව ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණු අතර එය ලක්ෂ 80කට අධික පිරිසක් විසින් නරඹා තිබුණු බව ද විජේකෝන් මහතා සඳහන් කරනවා.
එම ආදිවාසීන් පස්දෙනා දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ජීවත් වන පිරිසක් වන අතර විදේශිකයා සංචාරකයෙක් ලෙස මෙරටට පැමිණි ඇති අයෙකි.