විදේශ රැකියා වංචා වැටලීම සඳහා මෙහෙයුම් පුළුල් කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ සම්බන්ධ ඇති පැමිණිලි බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාල භාර ගන්නා බව එම කාර්යංශය සඳහන් කරන ලදි.

වසරේ ගත වු කාල සීමාව තුළ විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2155ක් ය.

නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11ක් හා සැකකරුවන් 65 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වසරේ ගත වු කාල සීමාව තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලද පැමිණිලි මත වින්දිතයින්ගේ කෝටී 06 k අය කර ගැනිමට විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත.

විදෙස් රැකියා වංචාවල නිරතවන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2 86 42 41 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here