2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලෙස ඕමාන කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 109 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමද සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 109 ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රාහකයින් තෝරා ගැනීමට සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කළ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම ලකුණු 21 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 10 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here