පොළොන්නරුව වැලි කන්ද නාමල්ගම ප්‍රදේශයේ තරුණයකු විදුලිසර වැදී ඊයේ පස්වරුවේ මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
අනවසරයෙන් වගා කර තිබූ කුඹුරු යායක ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මෙසේ විදුලිසර වැදී ඇති බවට පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය පවසයි.
මියගිය තරුණයා වයස අවුරුදු 19 ක වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
ඔහුගේ මෘත දේහය පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර තිබේ.
වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.