20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස්කළේය.
එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස්කළේය.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Marco Jansen සහ Tabraiz Shamsi කඩුලු 03 බැගින් දවාගත්තහ.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 57ක පහසු ඉලක්කයක් හිමිව තිබේ.