පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරනවා.
73 හැවිරිදි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ, මෙවර මැතිවරණයෙන් ආසන 400කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමයි.
කෙසේ නමුත්, පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350ත් 380ත් අතර සංඛ්‍යාවක් දිනා ගනු ලබන බවයි වාර්තා වන්නේ.
දින 44ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (4) සිදුවෙනවා.