යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ඒ සඳහා එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දී තිබෙන බවත් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.

පසුගිය සමයේ පසුබෑමට ලක්ව තිබූ ආර්ථිකය මේ වන විට ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙන අතර ඒ සමඟ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here