කාන්තාවකගේ ගෙල බැඳී රන්මාලය කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේම රාජකාරී කරන සැරයන් පෙරේරා නැමැති අයෙකු බව සඳහන්වේ.
අද අලුයම 5.45 ට පමණ වාද්දුව දේවස්ථානය ආසන්නයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් මෙසේ කොල්ලකා ඇති බව සදහන් වේ.
ස්ථානාධිපති ( වැබ) ගයාන් කහටපිටිය මහතා ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
සැරයන්වරයා මේ වන විට පානදුර කොට්ඨාස අපරාද විමර්ශන අංශය වෙත යොමුකොට ඉදිරි විමර්ශන ක්රියාත්මකයි.
(සම්පත් කුලරත්න – කළුතර)