කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඉන්දීය ජාතික අඹු සැමි යුවලක් බවයි පොලීසිය පැවසුවේය.
අදාළ කාන්තාව සහ පුද්ගලයා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් සිටි බවයි පොලීසිය පැවසුවේ.
මියගිය දෙදෙනා පවුලේ සාමාජිකයින් සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණි දියනාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.