2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් – උගන්ඩා කණ්ඩායම අතර තරගයේලකුණු 134ක දැවැන්ත ජයක් හිමි කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05 දැවී 173 ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පැමිණි උගන්ඩා කණ්ඩායම පන්දුවාර 12තුළ සියල්ල දැවී රැස් කරනු ලැබුවේ ලකුණු 39 පමණයි.