කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව මාස 02ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම තාවකාලිකව නවතා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here