T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 11 වැනි තරගය ප්රබල පාකිස්ථාන කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී පරාජයට පත් කරමින් ජය ගැනීමට එක්සත් ජනපද කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් ජනපදය පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 160ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි එක්සත් ජනපදය පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගැනීම හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් සඳහා යොමු කෙරුණා.
එහිදී එක්සත් ජනපදය පන්දු 06ට ලකුණු 18ක් රැස් කළ අතර, පාකිස්ථානයට රැස් කර ගත හැකි වුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් පමණයි.
ඒ අනුව, එක්සත් ජනපදයට සුපිරි පන්දුවාරය හරහා මෙම තරගයේ ජය හිමි වුණා.