තමන්ටද ජනාධිපතිවරණයට ඉල්ලීමට හැකි බව එස්.එම් එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා පවසනවා.

හිටපු අමාත්‍ය එස්.චන්ද්‍රසේන මහතා අද මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ,ඉදිරියේදී ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යෙන් තිබිය යුතු බවත් ඡන්දය කල් දැමීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ වගේම මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හැමෝම උත්සාහ කරන බවත් තමන්ටද එය කළ හැකි බවත් නමුත් තමන් ට ජනාධිපතිවරණයේ ඉල්ලා දිනයේ හැකිද කියා සිතා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ මුතුන් මචන්ගේ පක්ෂයක් බවත් දැන් එම පක්ෂයට ලොකු අහේනියක් වී තිබෙන බවත් ඒ පිළිබඳව තමා කණගාටුවන බවත් මෙහිදී අදහස් පළ කළා.

අනුරාධපුර තම්සීර් හමීඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here