නිවිතිගල පොලිස් වසමේ පාතකඩ ප්රදේශයේ පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ.
මෙලෙස වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ, අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇත.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.