පාසල් ළමුන් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මතට ඊයේ (10) පෙරවරු 6.00 ට පමණ කෙන්ගල්ල ප්රදේශයේදී දිරාගිය සියඹලා ගසක් කඩා වැටීමෙන් පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා ඇත.
අනතුරින් වෑන් රථයේ රියදුරු සහ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු ද තුවාල ලබා සිටින අතර ඔවුන් සියලු දෙනා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
දිරාගිය සියඹලා ගස අධිබලැති විදුලු රැහැන් පද්ධතියක් මතට කඩා වැටී විදුලි රැහැන්ද සමඟ එය වෑන් රථය මතට වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම දිරාගිය ගස අදාළ ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කර ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්රියාමාර්ග නොගත් බවට ප්රදේශවාසීහු චෝදනා කරති.
අනතුර සම්බන්ධයෙන් තෙල්දෙණි පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
(කමල් සුරවීර මහනුවර)