පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන තිබේ.
ඒ අතර කුරියර් සමාගමේ ප්‍රධානියාද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ, නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.
අද දිනයේ නැවත ඔවුන් 04 දෙනාට ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.