හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දීමේ ගනුදෙනුවකට සමගි ජන බලවේගය කටයුතු කළහොත් තමනට තීරණයක් ගැනීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරනවා.

එවන් ගනුදෙනුවකුට ගියොත් තමන් පක්ෂයට අවශ්‍යදැයි තීරණය කිරීමට පක්ෂයට සිදුවනු ඇති බවයි ඇය කියන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එකඟ නොවුනු ඇතැයි තමන්ගේ විශ්වාසය වුවත් ඔහු වටේ සිටින වෙනත් පුද්ගලයන් එම ගනුදෙනුව කිරීම හොඳ බව ඒත්තු ගන්වීමේ උත්සාහයක නිරතව ඇති බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.

එවන් අවස්ථාවකදී පක්ෂය විසින් තමන් තෝරාගන්නේද වෙනත් අයකු තෝරාගන්නේද යන්න තීරණය කළ යුතු බව ඇය පවසනවා.

දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් ජනාධිපති සමාව නිවැරදි ක්‍රියා පටිපාටිය අනුමගමනය නොකර ලබා දුන් එකක් නිසා එය ආපසු හැරවීමට තමනට හැකි වූ බව ඇය කියා සිටිනවා.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here