රනිල් රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නගන බව කී අබෙිවර්ධන මහතා රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් අද (26) උදෑසන රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙෙහයුම් කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වජිර ,
“අද ඇතැම් විපක්ෂයේ දේශපාලන නායකයින් ප්‍රකාශ කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට විකුණනවා කියලා. නමුත් ඔබ මතක තබාගත යුතුයි මේ රට විකුණුවත් ලෝකයේ කිසි කෙනෙක් එය මිලදී ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. බංකොලොත් වුණු රාජ්‍යයක් ලෝකයේ කිසි කෙනෙක් මිලදී ගන්නේ නැහැ.
මීට අවුරුදු කිහිපයකට පෙර අපේ රටේ තිබුණු තත්ත්වය ඉතාමත්ම ඛේදනීයයි. ජනතාව නිවෙස්වල සිටින වෙලාවට වඩා වැඩි වෙලාවක් ගත කළේ මහ පාරේ පෝලිම්වලයි. දරුවන්ට බොන්න කිරිපිටි ටිකක්වත් හොයාගන්න බැරි තැනකට ලංකාව ඇද වැටුණා. ඉන්ධන බවුසරයක් දැක්කම ජනතාව අත්පුඩි ගැහුවා. වරායට ඉන්ධන නැවක් ආවම එය ප්‍රධාන මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා.
මෙවැනි ව්‍යාකූල අවස්ථාවක කිසිකෙනෙක් මේ රටේ වගකීම බාරගන්න ඉදිරියට ආවේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දෙකෝටි විසිලක්ෂයක් ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණ ඒ වගකීම බාරගත්තා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට පිළිබඳ දැක්මක් සහ ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු නිසා මේ වැටුණු රට බාරගෙන ඉතාම කෙටි කාලයක් තුළ නැවත රට ගමන් කළ වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව ලැබුණා.
රටේ සමස්ථ මහජනතාව දැන් ඉතාමත් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. මේ මොහොත වනවිටත් රට බංකොලොත් භාවයෙන් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා ප්‍රංශයේදී පැවැත්වෙමින් තිබෙනවා. අප බංකොලොත් භාවයෙන් මිදුණාට පසුවත් ඉතාමත් ක්රමාණුකූලව මේ රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. මොකද අපට යන්න වෙනත් පාරක් නැහැ. යන්න තිබෙන එකම සහ නිවැරදිම මාර්ගයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ගෙනයමින් තිබෙනවා.
එසේනම් නැවත වරක් මේ රට කඩා වැටීමට ඉඩ නොදී ආසියාවේත් ලෝකයේත් ඉහළ තැනකට ඔසවා තබන්නට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙලට රටේ සමස්ථ මහජනතාව ලෙස අප සහයෝගය ලබාදිය යුතුව තිබෙන බව මා ප්‍රකාශ කර සිටිනවා.”