යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට ඊයේ (08) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
කොට්ඨාශ අපරධ විමර්ශන අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඊවිනෙයි ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වූවෙකුගේ නිවසක් සෝදිසි කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී නිවසේ සඟවාගෙන් තිබූ තියුණු කඩු 04 ක් කෙටෙරි වර්ගයේ තියුණු ආයුධ 03 ක්, ජැකට්ටු සහ මුහුණු අවරණය කරන ලද හෙල්මට් ආදිය තිබී සොයාගෙන ඇති අතර නිවැසියද අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණවලදී අදාල සැකකරු යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභලයෙකු බවට සැකපල කරන බවටත් මෑතකදී සිදුවූ ප්රචණ්ඩක්ක්රියා වෙනුවෙන් අදාල සැකකරුගේ සම්බන්ධයක් ඇති බවටත්ය.
(වන්නි රොමේෂ් මධුෂංක)