වයස අවුරුදු 16ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු පුද්ගලයකුට පානදුර මහා අධිකරණය මගින් වසර 35 ක සිරදඬුවම් නියම කළා.

මෙසේ දඬුවම් නියම කර ඇත්තේ කන්නංගර මාවත, ලක්ෂපති ,මොරටුව ප්‍රදේශයේ පදිංචි රජීව රවිනාත් ජයතිලක නමැති (38) හැවිරිදි පුද්ගලයෙකුටයි.

2021 ජනවාරි මාසය සහ මාර්තු මාසය අතරතුර කොළඹ ළමා හා අපයෝජන කාර්යාංශය මගින් චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබූ අතර එයින් එක් චෝදනාවකට නිවැරදි කරු වූ අතර චෝදනා දෙකට වරදකරු විය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා දෙකට වසර 30ක්ද රුපියල් 5000ක දඩ නියමවිය. එම මුදල් නොගොවන්නේ නම් ලිහිල් වැඩ සහිතව තවත් මාස 6 ක සිර දඬුවම් කාලයක් නියම කරන ලදී.

වින්දිත දැරිය හට එක් චෝදනාවකට දෙලක්ෂ පනස් දාහක් බැගින් ලක්ෂ පහක් ගෙවීමටද නියම කළ අතර එය නොගොවන්නේ නම් තවත් වසර 3ක සිර දඬුවම් නියම විය.

මෙම වරදකරු මීට පෙර මහනුවර මහාධිකරණය මගින් මෙවැනිම චෝදනාවකට වරදකරුවී වසර 2 ක සිර දඬුවම වසර 20කට අත්හිටවා තිබූ අතර එම වසර 2 ක සිර දඬුවම අවසන් වීමෙන් පසු අද (24)දින ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට නියම විය. සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 35 ක් විය.

මෙසේ දඬුවම් නියම කරන ලද්දේ පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩී.එල් කුමාර මහතා විසින් වන අතර මෙම නඩුව පවරා තිබුණේ කොළඹ ළමා හා අපයෝජන කාර්යාංශය විසිනි.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here