මේ දිනවල සමහර දේශපාලන පක්ෂ IMF එක නැතිව වැඩ කරන බව පවසන බවත් එම මෝඩ කතාවට නොරැවටෙන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළ බවත් IMF එක ලෝක බැංකුව, GAT එක WTO එක ආදිය හරහා ලෝක ආර්ථික රටාව නිර්මාණය වී ඇති බවත් IMF එක නැතිව මේ ගමන යන්න පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශයක් කරනවා නම් එය ලෝක විහිළුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම ජනතාවගේ පැත්තෙන් වාසිදායක වන IMF එකඟතාවකට යොමුවෙන්න හැකියාවක් තිබිය යුතු වුවත් අද එවැනි දෙයක් සිදුව නොමැති බවත් ජනතාවගේ දුක කදුළ වේදනාවට මුල්තැන ලබා දී IMF ගිවිසුම් අත්සන් කර නොමැති බවත් මේ ගිවිසුම රජයත් පාලකයෝත් අහසේ සිට කැටි වළාකුළුවල සිට මහපොළොවට පය නොගහ අත්සන් කරන ලද ජනතාවාදී නොවන ගිවිසුමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 14) ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 237 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.