එළවළු ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ලොරි රථයේ සහායක බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරේ.
A9 මාර්ගයේ මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේදී එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් අද අලුයම 3.00 ට පමණක් සිදු වූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරේ.
මෙසේ රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන අතර එම ලොරි සහයකයාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාල ලැබුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම එළවළු ලොරි රථය , යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බහුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර එම පොලිසිය පවසන්නේ එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බවය.
(ඉන්දික රංගජිව -අනුරාධපුරය)