වඩාත් නිවැරදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ලංකාව තුළ තවමත් නැති බව සඳහන් වෙනවා. එම තාක්ෂණය නොමැති නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවතින තාක්ෂණය මත කාලගුණ අනාවැකි සිදුකිරීමට සිදුව තිබෙනවා.

දැනට අවුරුදු 15කට පෙර එවකට ආපදා කලමණාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාගේ සිට එම ධුරයට පත් වූ සෑම අමාත්‍යවරයෙකුගෙන්ම මෙම ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ලබාදෙන මෙන් කාලගුණ විද්‍යා බලධාරීන් ඉල්ලා සිටියත්, එම අඩුපාඩුව සම්පූරණ කිරීමට කිසිඳු රජයක් කටයුතු කර නොමැති බව සඳහන්.

කෙසේ නමුත් පවතින තාක්ෂණය අනුව සිදුකර ඇති දත්ත විශ්ලේෂණයන්ට අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම දැනට මුහුදු ගොස් සිටින ධීවරයින් කොළඹ ප්‍රදේශය ආසන්නයේ තිබෙන තොටුපලවලට නොපැමිණ ලෙසත්, ඒ ප්‍රදේශය මඟහැර පැමිණෙන ලෙසත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here