ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් විසින් අද (23) ආරම්භ කර තිබූ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර සිටියේ, ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බැවින් වැඩවර්ජනය අවසන් කළ බවයි.

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.

ඒ අනුව අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලු ප්‍රතිකාර කටයුතු අඬාල වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here